සෑම ගමකින්ම නව ව්‍යවසායකයෙක්!

සෑම ගමකින්ම නව ව්‍යවසායකයෙකු බිහිකිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ලබන වසරේ සිට ආරම්භ කරන බවත් තරුණ පිරිස ගම ගොඩනගන වැඩපිළිවෙලට දායකත්වය ලබාදීමෙන් රට මුහුණ දී සිටින දුෂ්කර තත්වයෙන් ඉතා ඉක්මණින් මිදීමේ හැකියාව ඇති බවත් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පැවසීය. ‘කොවිඩ්’ වසංගත තත්ත්වය සමග ඉතාමත් අපහසු කාලසීමාවක් ගතකිරීම නිසා ක්‍රීඩාවටත්, රැකියාවටත්, ආර්ථිකයටත් බලපෑමක් ඇති වී ඇති බව කී අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා ලබන වසරේ සිට තරුණ තරුණියන්ගේ ව්‍යවසායකත්වය දියුණු කරන්න සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව ද සඳහන් කළේය. සෑම ගමකම දක්‍ෂ ව්‍යවසායකයෙක් බිහි කර එම ව්‍යවසායකයාගේ නිෂ්පාදන…

Read More

පරණ නීති 60ක් අලුත් කරන්න යයි!

යල්පැන ගිය නිතී 60ක් හඳුනාගෙන ඒවා වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි මහතා පවසයි. ඒ අනුව, අධිකරණ පද්ධතියේ පවතින අපරාධ, වාණීජ සහ සිවිල් නිතී ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කමිටු තුනක් පත්කළ බව ද අමාත්‍යවරයා සදහන් කළේය. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ එහි ප්‍රධානීන් සමඟ රාජගිරියේ පිහිටි එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (13) පැවැති සාකච්ඡාවකදීය. මෙලෙස නිති සංශෝධනය කෙරුණේ වසර 20කින් පමණ බවත්, අධිකරණ ක්ෂේත්‍රයේ පවතින ගැට`ථ හදුනාගනිමින් ඒ සදහා අවශ්‍ය විසදුම් ලබාදීමමේ ක්‍රවේදයක් ද සකස්…

Read More

60 දක්වා දීර්ඝ කළාට කැමැති නම් 55 න් පෙන්ෂන් පුළුවන්!

පෞද්ගලික අංශයේ සේවක විශ‍්‍රාම යෑම අවුරුදු 60 දක්වා දීර්ඝ කරනු ලැබූව ද සේවක අර්ථ සාධක හා සේවක සත්කාර අරමුදල්වල හිමිකාරත්වය ලබන ඕනෑම සේවකයකුට වසර 55 සම්පූර්ණ වූවිට එම අරමුදල්වල ප‍්‍රතිලාභ ලබාගෙන විශ‍්‍රාම යෑමේ හැකියාව පවතින බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ඊයේ (13දා) පැවසීය. පෞද්ගලික අංශයේ විශ‍්‍රාම යෑම අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බවත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කරගත යුතු බවත් ඇමැතිවරයා කීවේය. මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මත වූ දින වනවිට අවුරුදු 55 ක්වන සේවකයකුට අවුරුදු 57 දක්වා සේවය කිරීමට නීතිමය ප‍්‍රතිපාදනය හිමි වේ. නව…

Read More

Number Portability සේවාව සදහා නීතිමය අනුමැතිය!

සියළුම දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ (Number Portability) සේවාව සදහා නීතිමය අනුමැතිය හිමි වූ බව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක පවසා සිටියි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කර සිටියේ​ය.

Read More

කාබනික පොහොර මෙට්‍රික්ටොන් 20,000ක් කොළඹ වරායට!

රජයේ පොහොර ආයතන දෙකක් ආනයනය කළ කාබනික පොටෑසියම් පොහොර මෙට්‍රික්ටොන් 20,000 සහිත නැවක් අද (13) කොළඹ වරායට ළගා වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන් අලුත්ගමගේ මහතා පවසයි. මෙම පොහොර තොගය අද රාත්‍රියේම අම්පාර ,මඩකලපුව ,අනුරාධපුර, පොළොන්නරුව ,කුරුණෑගල ,පුත්තලම, ත්‍රිකුණාමලය ,හම්බන්තොට යන වී වගාව බහුලව කෙරෙන දිස්ත්‍රික්වල ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත යැවිමට කටයුතු කරන බවද මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා සඳහන් කළේය. ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර මේ මස 15 වැනිදා වන විට ලබාදෙන බවත් ඊට පෙර පොහොර ලැබෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන් අලුත්ගමගේ මහතා මීට පෙර පවසා තිබුණි. 

Read More