නීති කඩා රෝන්දේ ගිය වාහන 911කට පොලීසියෙන් කරපු වැඩේ!

බස්නාහිර පළාතේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් දකුණු පළාතටත් ප්‍රධාන මාර්ග ගණනාවකින් තවත් පළාත් කිහිපයකටත් සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින් නීති විරෝධීව ගමන් ගත් වාහන 911 ක් පොලිස් මුර කපොලු කිහිපයකදී දැඩි ලෙස පරීක්ෂාකර ආපසු හරවා යැවීමට කටයුතු කළ බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ලංකාදීපයට පැවැසීය. මේ අනුව කොළඹ දක්ෂිණ අධිවේගි මාර්ගය ඔස්සේ දකුණු පළාතට නීති විරෝධීව ගමන් කිරීමට උත්සාහ කළ වාහන 585ක්ද පුත්තලම මාර්ගය, ගාලු මාර්ගය රත්නපුර මාර්ගය සහ නුවර මාර්ගය ඔස්සේ දකුණු පළාත ඇතුළු පළාත් කිහිපයකට නීති විරෝධීව ගමන් කිරීමට උත්සාහ කළ වාහන 326ක්ද මෙසේ…

Read More

පෙට්‍රල් 20කින් ඩීසල් 30කින් ඉහළට?

පවතින තත්ත්වය හමුවේ ලංකා IOC සමාගම ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් රජයෙන් ඉල්ලීමක් කර තිබේ. එහි කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා සඳහන් කළේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් හා ඩීසල් ලීටරයක් රුපියල් 30 කින් මිල ඉහළ නැංවීමට රජයේ අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බවය.

Read More

ධනංජය – අසලංක – භානුක අතර සටනක්!

මෙවර (2021) විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගවලියේදී ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය අද (18 වැනිදා) නැමීබියාවට එරෙහිව අඩුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.30 ට ආරම්භ වීමට නියමිතය.මේ වන විට ලෝක විස්සයි-20 ක්‍රිකට් ශ්‍රේණිගතකිරීම්හි 10 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව, එහි 19 වැනි ස්ථානයේ පසුවන නැමීබියාවට එරෙහිව විස්සයි-20 තරගයකට සහභාගි වන පළමු අවස්ථාව මෙයයි. තරගාවලිය ආරම්භ වීමට පෙර පැවැති පෙරහුරු තරගවලදී බංග්ලාදේශයට එරෙහිව කඩුලු 4 ක ජයක්ද, පැපුවා නිව්ගිණියාවට එරෙහිව ලකුණු 39 ක ජයක්ද ලැබූ ශ්‍රි ලංකා කණ්ඩායම ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව තරගාවලියට අවතීර්ණ වනු ඇත. කෙසේ…

Read More

මාලිංගගේ වාර්තාව සකීබ් බිඳහෙළයි

විස්සයි-20 තරගවලදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් ක්‍රීඩ‍කයා ලෙස ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග (කඩුලු 107) තබා තිබූ වාර්තාව බිඳ දැමීමට බංග්ලාදේශයේ සකිබ් අල් හසන් (කඩුලු 109) සමත් විය. ස්කොට්ලන්තයට එරෙහිව අද (17 වැනිදා) පැවැති තරගයේදී ලකුණු 19 කට කඩුලු 2 ක් බිඳහෙළමින් සකීබ් එම වාර්තාව බිඳ දැමුවේය. විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2 වැනි තරගය ලෙස ඕමානයේ අල් ඇමිරත්හිදී ‍පැවැති එම තරගයෙන් ලකුණු 6 ක ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්තය සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 141 ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු…

Read More

කොරෝනා එක්ක ජීවත් වෙන්න නවසීලන්තය සූදානම්!

නවසීලන්තය දිනක් ඇතුළත සිය ජනගහනයෙන් සියයට 2.5කට ආසන්න පිරිසක් එන්නත් කර ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලික දත්ත සඳහන් කරයි. නවසීලන්තය මේ වනවිට ‘කොවිඩ්-19’ පාලන සහ කළමනාකරණය සම්බන්ධයෙන් මෙතෙක් අනුගමනය කළ උපායමාර්ග වෙනස් කරමින් වයිරසය සමඟ ජීවත් වීමට සූදානම් වෙමින් සිටියි. ඒ සඳහා ඔවුන් සිය එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කිරීමට පටන් ගෙන ඇති අතර ඉරිදා දිනයේදී පමණක් එන්නත් කර ඇති ගණන 124,669කි. නවසීලන්තයේ ජනගහනය මිලියන 4.9ක් වේ. “අපි අපේ රට වෙනුවෙන්, ඉලක්කයක් තබා තිබෙනවා. අපි එම ඉලක්කයට ළඟා වෙමු. අපි 150,000 ඉලක්කයට යමු. හොඳින් ලොකුවට කරමු. නැතිනම් ගෙදර යමු” යැයි නවසීලන්ත අග්‍රාමාත්‍ය…

Read More