ලෝක ධනවතුන්ගේ ධනය දෙගුණයකින් වැඩි කල වසංගතය!

කොවිඩ් ව්‍යාප්තිය මධ්‍යයේ වැඩි පිරිසක් දරිද්‍රතාවයෙන් පෙලෙද්දී ලෝක ධනවතුන්ගේ ආදායම දෙගුණයකින් ඉහළ ගොස් ඇතැයි ජාත්‍යන්තර ආයතනයක් අනාවරණ කර තිබෙනවා. ඒ අනුව 2020 මාර්තු මාසයේ සිට 2021 නොවැම්බර් දක්වා කාලය තුළ මෙම ධනවතුන්ගේ ධනය අමෙරිකානු ඩොලර් බිලියන 700 යේ සිට අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.5 ක් දක්වා වැඩිවී ඇති බවයි. වැඩිම ආදායමක් වැඩිවී ඇත්තේ ලෝකප්‍රකට ටෙස්ලා මෝටර් රථ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඊලෝන් මස්ක්ගේයි. ඔහුගේ ආදායම සියයට දහසකටත් වඩා වැඩි අගයකින් ඉහළ ගොස් ඇති බව සඳහන්. මයික්‍රෝසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගේට්ස්ගේ වත්කම සියයට 30 කින් ඉහළ ගොස් තිබෙනවා. ඇමර්සන් ආයතනයේ නිර්මාතෘ ජෙෆ්…

Read More

මෝදිගේ මැතිවරණයට ගිය ‘මැණිකේ මගේ හිතේ’ (VIDEO)

ශ්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානි ද සිල්වාගේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ අනුකාරක ගීතයක් සිය උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයට යොදා ගැනීමට නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය (BJP) සූදානම්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. උත්තර ප්‍රදේශ් මැතිවරණය සඳහා පක්ෂයේ නවතම මැතිවරණ ප්‍රචාරක ගීතය “ යෙහී මෝදි – යෝගී – යූ.පී යෝගී, යූ.පී යෝගී… ආ…යේගි ඵීර් සෙ බී.ජේ.පී“ ලෙස මෙම තනුවට අදාල පද රචනය කර ඇත්තේ උත්තර ප්‍රදේශ් ජනතාව චන්දය ප්‍රකාශ කළ යුත්තේ අගමැති මෝදිට සහ මහ ඇමති අපේක්ෂක යෝගිට බවට වූ පණිවිඩය චන්ද දායකයන් වෙත යැවීම සඳහාය.  මේ පිලිබදව (BJP) පක්ෂය ට්විටර්…

Read More

පකිස්තානය දේශපාලන පෙරළියක් අභියස?

පකිස්තානයේ ආණ්ඩු පක්ෂය වන අගමැති ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් තරෙක් ඊ ඉන්සාෆ් පක්ෂය තුළ අර්බුදයක් හ⁣ටගෙන ඇතැයි වාර්තා වනවා. එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන ආරක්ෂක අමාත්‍ය ෆර්වේස් කතාක් අගමැති ඉම්රාන් ඛාන්ගේ නායකයත්වයට අභියෝග කිරී⁣මේ සූදානමක් ඇති බවයි ජි⁣යෝ නිවුස් සේවය වාර්තා කරන්නේ. ඔහුට ආණ්ඩු පක්ෂයේ පහළ මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කරන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 80 දෙනෙකුගේ පමණ සහය හිමිවන බව ද පැවසෙනවා. පසුගියදා පැවති පකිස්තාන ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය හදුන්වාදීමේ උත්සවයට ආරක්ෂක අමාත්‍ය ෆර්වේස් කතාක් සහභාගී නොවීම මෙම අර්බුදය මතුපිටට පැමිණි අවස්ථාවක් බව එරට වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා. මේ අතර පකිස්තාන විපක්ෂයේ ප්‍රධාන…

Read More

වාහන ගැන ජනපතිදුන් ඉඟිය!

වාහන ආනයනයේදී විදුලි මෝටර් රථ ආනයනයට ප්‍රමුඛතාවය ලබාදෙන බව අද (18) දින 09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භයේදී එහි රාජාසන කතාව සිදු කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එම මෝටර් රථ සඳහා අවශ්‍ය විදුලිය ලබාදීමේදී ඊට පුනර්ජනනීය විදුලිය ලබාගැනීම සම්බන්ධව අවධානය යොමු කරන බවයි ජනාධිපතිවරයා පවසන්නේ. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව 2030 වසර වන විට රටේ බලශක්ති අවශ්‍යතාවයෙන් විශාල ප්‍රමානයක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් වසර පුරා සූර්‍ය එළිය, රට වටා මුහුද, සුළඟ මෙන්ම ජලාශද නොඅඩුව ඇති මෙරටටට එය අපහසු කාර්‍යයක් නොවනු ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. ගල්…

Read More

කොටස් වෙළෙඳපොළ ඉහළම අගය පෙරේදා වාර්තා කරයි!

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකයෙහි ඉහළම අගය පෙරේදා‍ සටහන් වූ බවත් ඒකක7,922.66 ලෙස දැක්වූ අගය 2011 පෙබරවාරි මස 14වැනි දින තැබූ ඒකක 7,811.80 වාර්තාව අබිබවා ඇති බවත් කොටස් වෙළෙඳපොළ පවසයි. කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තු ගත විශාලතම හා වඩාත්ම ද්‍රවශිලී කොටස් ඇතුළත්වන S&P ශ්‍රී ලංකා 20 දර්ශකය සමස්ත අගය 3000 ඉක්මවා 3,003.30ක් ලෙස පෙරේදා දින සටහන් වූ අතර 2020 වසරෙහි ඇරැඹූමෙන් පසුව සියලු කොටස් මිල දර්ශකය ලොව වැඩිම වර්ධනයක් දක්වා ඇති දර්ශක අතර නිරන්තරයෙන්ම වාර්තා වී තිබේ. ඊයේ දින වන විට මේ වසරේදී සියයට 16.95 වර්ධනයක් දක්වමින් ලොව වැඩිම…

Read More

ඉකුත් සති දෙකට විදෙස් සංචාරකයෝ 39,172ක් මෙරටට එති!

කොවිඩ් වසංගතය හේතුවෙන් පසුබෑමට ලක්ව තිබෙන මෙරට සංචාරක කර්මාන්තයට යහපත් ප්‍රවණතාවක් පෙන්නුම් කරමින් මේ වසරේ මුල් දෙසතිය තුළ විදෙස් සංචාරකයන් 39,172 දෙනකු පැමිණ තිබේ. මෙම දින 14 තුළ මෙරටට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම පිරිස 6,963කි. කොවිඩ් වසංගතය පැවති පසුගිය වසරක (2021) කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 194,495ක් වන අතර ඉන් වැඩිම සංචාරක පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ පසුගිය වසරේ අවසන් මාස 3 තුළදී වේ. එම මාස 3ක කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 156,571කි. පසුගිය සති 2 තුළ රුසියාවට අමතරව වැඩිම සංචාරක පිරිසක් මෙරටට පැමිණ…

Read More

ඇතුගල්පුර පිවිසුම පළමු පැය 12ට ලක්ෂ 28ක් උපයයි!

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර ( ඇතුගල්පුර පිවිසුම ) ජනතා අයිතියට පත් පත්කිරීමෙන් පසු පළමු පැය 12 තුළ එනම් ඉරිදා (16) දහවල් 12 සිට රාත්‍රී 12 දක්වා රු. 2,805,100ක ආදායමක් උපයා ඇති බව ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. ගත වූ පළමු පැය 12 තුළ මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගයේ වාහන 13,583ක් ගමන් කර ඇති අතර කිසිදු රිය අනතුරක සිදු වී නොමැති බවද ඇමැතිවරයා අවධාරණය කළේය. මීරිගම සිට කුරුණෑගල ගැට්ටුවාන පිවිසුම දක්වාත් ගැට්ටුවාන සිට මීරිගම දක්වාත් මහජනතාවට පසුගිය සෙනසුරාදා ( 15) මධ්‍යම රාත්‍රියේ සිට ඉරිදා දහවල් 12 දක්වා නොමිලේ ගමන්…

Read More

“ශ‍්‍රී ලංකාව අපිට ඉතාමත් වැදගත් ගමනාන්තයක්”- එමිරේට්ස් ගුවන් ගමන් 26 ක් දක්වා නංවයි!

එමිරේට්ස් ගුවන් සමාගම සතිපතා කොළඹට කි‍්‍රයාත්මක කරන ගුවන් ගමන් සංඛ්‍යාව පෙබරවාරි 10දා සිට තවත් 5කින් වැඩි කරන බවත් ඒ සමඟ ශී‍්‍ර ලංකාවට සතියකට කි‍්‍රයාත්මක කරන මුළු ගුවන් ගමන් සංඛ්‍යාව 26 දක්වා ඉහළ යන බව නිවේදනය කර ඇත. එමිරේට්ස් විසින් අළුතෙන් කොළඹට සිදුකරන ගුවන් ගමන් සෑම අඟහාරුවාදා, බ‍්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දින වලදී කි‍්‍රයාත්මක කරන බව සමාගම පවසයි. මේ අනුව, EK654 එමිරේට්ස් ගුවන් ගමන පැය 10.35 ට ඩුබායි ගුවන් තොටුපලින් පිටත් වී පැය 16.25 ට කොළඹට ළඟාවනු ඇති අතර නැවත EK 655 ගුවන් ගමන් කොළඹින් පැය 22.05 ට ගමන්…

Read More

“වත්මන් අභියෝග ජයගන්න නායකත්වය දෙනවා” – ජනපති ගෝඨාභයගේ සම්පුර්ණ රාජාසන කතාව මෙන්න!

ගරු කථානායකතුමනි,ගරු අගමැතිතුමනි,ගරු විපක්ෂනායකතුමනි,ගරු අමාත්‍යවරුනි, ගරු රාජ්‍ය අමාත්‍යවරුනි, ගරු මන්ත්‍රීවරුනි, උදා වූ 2022 නව වසර, ඔබ සියලු දෙනාටමත්, සියලුම රටවැසියන්ටත් සුබ නව වසරක් වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ, මෙම ගෞරවනීය පාර්ලිමේන්තුවට පත් වී සිටින ඔබ, විවිධ දේශපාලන මතවාද හරහා නියෝජනය කරනු ලබන්නේ මේ රටේ මහජනතාවගේ හඬයි. ඒ නිසා මෙම පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින ඔබ සියලු දෙනා රටට ජාතියට වගකියන සුවිශේෂී කණ්ඩායමක්. ඔබ මෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ ජනතා වරමින් ජනාධිපති ධුරයට පත් වූ මා ද, මේ රටේ සියලුම ජනතාවට වගකිව යුතු වනවා. මැතිවරණයේ දී මට ඡන්දය ලබා…

Read More

ජනපති රාජාසන කතාව අරඹයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  පාර්ලිමේන්තු  සංකීර්ණයට පැමිණිමෙන් පසු  අද  (18) පෙරවරු 9.50 ට පමණ  පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය  උත්සවාකාරයෙන් විවෘත  කෙරිණ. වත්මන් අභියෝග ජයගැනීම සඳහා සහාය වන්නැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජාසන කතාව අරඹමින් පැවසීය. මේ වනවිට ජනාධිපතිවරයා රාජාසන කතාව පවත්වන අතර එහි සජීවී විකාශය පහතින්…

Read More