සන්නස්ගල උඹේ තොරතුරු සියල්ල මම එළියට දානවා..!

ඇතිව තිබෙන අරගලය තුළ ද ඇතැම් පාර්ශවයන්ගේ ක්‍රියාකාරිත්වයන් තුළින් මහා සංඝරත්නය ඇතුළු පිරිස් වලට අපහාසාත්මක වන අයුරින් කටයුතු කරන ආකාරය පසුගිය දිනවල දක්නට ලැබුණා. මේ හේතුවෙන් අම්පිටියේ සුමනරතන හිමි මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මෙම අරගලය මෙහෙයවන පුද්ගලයන්ට අවවාදාත්මක අයුරින් කරුණු පැහැදිලි කර තිබුණා. එහි සම්පූර්ණ වීඩියෝව පහතින්..

Read More

පාස්කුවෙන් පස්සේ අවුරුදු 3ක් ඇත්තටම මොකද වුනේ?

මේ වනවිට රටේ උණුසුම් මාතෘකාව ගෝල්ෆේස් ෆන්ඝෝෂණය වුවත් නුදුරේදීම ඒ හරහා පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කරනු කියා මාතෘකාවක් එලියට බැසීමට නියමිතය.  සමහරු නොදන්නවා උනාට නිර්පාක්ෂික සුවාධීන අරගලය කියාගෙන කරලියට හා වැඩපිළිවෙල පසුපස සිටින්නේ කතෝලික ප්‍රජාව උසි ගන්වමින් දේශපාලනය කරන කපටි හිවලුන් පිරිසක් බව තිරය පිටුපස කතාව දන්නා අයට රහසක් නොවේ. අරගලයට පුර්ණ දායකත්වය පල්ලි හරහා ලැබෙද්දී කතෝලිකයින් හා මුස්ලිම් ප්‍රජාව එයට සිය උපරිම සප් එක දෙමින් ඉතා අලංකාරව තිර පිටපතට අනුවම නාටකය ලියවෙමින් තිබෙද්දී පාස්කු ප්‍රහාර විමර්ශන වලට පසුගිය වසර 3ක කාලයේදී ඇත්තටම වෙච්ච දේ ගැන සොයා බැලීමේදී හෙළිවන තිත්ත…

Read More

හෙට ජනපති හිටපු ඇමැතිවරු හමුවක් – ඇමැතිකම් පුරවන්න සියල්ල ලෑස්තියි!

ජනාධිපතිවරයා හා පොහොට්ටුවේ හිටපු ඇමැතිවරුන් අතර හමුවක් හෙට (16) පස්වරු 5 ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතව ඇත. මෙහිදී ආණ්ඩු පක්ෂයේ සෙසු පක්ෂ ඇමැතිකම්වලින් ඉවත් වීම හේතුවෙන් හිස්වූ අමාත්‍ය ධූර සදහා ‌රාජ්‍ය අමාත්‍ය ධූර දැරූ තරුණ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු පත් කිරීමට නියමිතව ඇත. ඒ අනුව හිස්වන රාජ්‍ය අමාත්‍ය ධූර සදහා තරුණ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. ලබන 18 වැනි දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ජා ආරම්භ වන බැවින් ආණ්ඩුව ස්ථාවර බව පෙන්වීම මෙහි අරමුණ වී ඇති බවද දැනගන්නට තිබේ.

Read More

“බයික් 1000යි-ත්‍රීවීල් 1500යි-කාර් වෑන් 5000යි” අද ඉඳන් තෙල් ගහන්නෙ මෙහෙමයි!

අද දහවල් 1.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. ඒ අනුව මින් ඉදිරියට මෝටර රථය, කාර් සහ වෑන් රථ රු. 5000, ත්‍රිරෝද රථයකට රු.1500 සහ යතුරුපදියකට රු. 1000ක් ලෙස මින් ඉදිරියට ඉන්ධන නිකුත් කිරීම කෙරේ වාණිජ කටයුතු සඳහා යොදා ගනු ලබන වාහන සඳහා මෙම සීමාව බලනොපැවැත්වෙන බවයි සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ. ඒ අනුව ට්‍රැක්ටර් බස් ලොරි රථ ආදී රථ වාහන සඳහා මෙම සීමාව අදාළ නොවන අතර ඉන්ධන පෝලිම් අවසන් කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි කියවෙන්නේ.

Read More

පිරිමින්ට මුල්වරට උපත් පාලන පෙත්තක්!

මිනසෝටා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් පිරිමි සඳහා උපත් පාලන පෙත්තක් නිර්මාණය කර ඇති අතර එය ගැබ් ගැනීම වැළැක්වීම සඳහා 99%ක්ම ඵලදායී බව සත්ත්ව ආශ්‍රිත අධ්‍යයනයන් මගින් ඔප්පු වී තිබේ. පර් ෙය්ෂකයන්ට අනුව, වසර අවසන් වන විට මෙහි මිනිසුන් සඳහා අත්හදා බැලීම් ආරම්භ කළ හැකිය. නව පෙත්ත තුළ භාවිත රසායනය ශුක්‍රානු නිෂ්පාදනය හා සාරවත් බව සමඟ සම්බන්ධ වන විටමින් A ආකාරයක් ලබාගන්නා ශරීරයේ ප්‍රෝටීනයක් ඉලක්ක කර ක්‍රියා කරයි. එය මගින් ක්ෂීරපායීන්ගේ සශ්‍රීකත්වයට සහ පුරුෂභාවයට තීරණාත්මක ලෙස බලපාන එම විටමින් A ආකාරය සමඟ ප්‍රෝටීනය බන්ධනය වීම අවහිර කරයි. පර්යේෂකයන් විසින් YCT529 ලෙස මෙම…

Read More

“මිල ගණන් ප්‍රශ්නයක් නෑ” මිත්‍ර රටවලට තෙල් දීමට රුසියාව සූදානම්!

ඕනෑම මිල පරාසයක් යටතේ මිත්‍රශීලී රටවලට රුසියානු බොරතෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදන විකිණීමට රුසියාව සූදානම් බව එරට බලශක්ති අමාත්‍ය නිකොලායි ෂොල්ගිනොව් පවසයි. රුසියානු මාධ්‍ය ආයතනයක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් බලශක්ති අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ. “මෑතකාලයේදී බොරතෙල් බැරලයක මිල ඩොලර් 80 සිට 120 දක්වා මිල පරාසයන් තුළ විටින් විට ඉහළ පහළ යන ආකාරය අප දුටුවා. නමුත් අපගේ කාර්යය වන්නේ තෙල් සඳහා කොපමණ වියදමක් දැරීමට සිදුවේද යන්න අනුමාන කිරීම නොවෙයි, අපේ කාර්යය වන්නේ තෙල් කර්මාන්තයේ ක්‍රියාකාරිත්වය සහතික කිරීමයි. අපි බොරතෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදන විකිණීමට සූදානම්. එය ඕනෑම මිල පරාසයක්…

Read More

ලිට්‍රෝ ගෑස් සභාපති ඉල්ලා අස් වෙයි!

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තේෂාර ජයසිංහ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. තේෂාර ජයසිංහ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට  අද පෙරවරුවේ  යොමු කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

Read More

කලකිරුණා කියලා රටට කියපු රවීන්ද්‍ර තවමත් ආණ්ඩුවේ තනතුරු දෙකක ඉන්නවා!

ආණ්ඩුවේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් තමන් කලකිරීමට පත්ව ඇති බව සිය බිරිය වූ ප්‍රීති රන්දෙණිය මහත්මියගේ ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටි ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙණිය මහතා තවමත් ආණ්ඩුවේ තනතුරු දෙකක කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. ඒ, චිත්‍රපටි සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු ලෙස සහ රන්මිහිතැන්න ටෙලි ගම්මානයේ සභාපතිවරයා ලෙසය. ආණ්ඩුව කෙරෙහි කලකිරීමේන් සිටින බව කීවද එමතනතුරු දෙකෙන් ඉල්ලා අස්වීමට රන්දෙණිය මහතා කටයුතු කොට නැත.

Read More

උගන්ඩාවට ගිය ගුවන් යානා ගැන ශ්‍රී ලංකන් ගුවන් සමාගම වගඋත්තර බදී!

ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගිය වසරේ උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත රැගෙන ගිය මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102 ක් අඩංගු ගුවන් යානා වාණිජමය මුහුණුවරක් මත පමණක් සිදු කළ ක්‍රියාවක් බවත් ගුවන් භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ ප්‍රමිතීන්ට අනුව එම භාණ්ඩ සම්බන්ධයෙන් තොරතුරු රඳවා තබා ගන්නා බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. ශ්‍රී ලංකන් සමාගම නිකුත් කළ නිවේදනය පහත දැක්වේ. “2021 පෙබරවාරි මාසයේ දී කොළඹ සිට උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102 ක් ප්‍රවාහනය කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් භාණ්ඩ ඇණවුමක් ලැබුණි. මෙම…

Read More

පාර්ලිමේන්තුවෙන් අහෝසි කළ යුතුම පනතක්..! හිටපු ජනපති මෛත්‍රීගේ අලුත්ම යෝජනාව!

හිටපු ජනාධිපතිවරුන්ට  විවිධ වරප්‍රසාද හිමිවන ජනපති හිමිකම් හා වරප්‍රසාද පනත  පාර්ලිමේන්තුවෙන් අහෝසි කරන්නේ නම් එය  ඉතා හොඳ බව හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. එසේ කටයුතු කළහොත්  කිසිවකුටත් ඒ වරප්‍රසාද හිමි නොවන හෙයින් කිසිදු ගැටලුවක් ඇති නොවන බවද  හෙතෙම සඳහන් කළේය. තමාට පදිංචිවීමට රජයෙන්  නිවෙසක් ලබාදී ඇති බව  පැවසූ හිටපු ජනාධිපතිවරයා   එය ඉඩකඩ ඇති නිවෙසක් නොවේ යැයිද  කීවේය

Read More