ලොව විශාලතම හමර් වාහනය මෑතක දී එළිදක්වා තිබේ. එහි දිග අඩි 46කි. පළල අඩි 20ක් උස අඩි 21ක් වේ. මේ සුපිරි වාහනයේ හිමිකරු හමාද් බින් අල් නායන් නැමැති කෝටිපතියෙකි. තරප්පු පෙළක් සහ වැසිකිළියක් ඇති මෙය එක්ස් – 3 නමින් හඳුනවනු ලබයි. ඩීසල් එන්ජින් 4කින් සමන්විත මේ වාහනයේ වේගය පැයට සැතපුම් 83කි. මෙම වාහනය භාවිත කරන කෝටිපතියා එමීර් රජ පවුලේ පුද්ගලයෙකි.
Read MoreDay: April 19, 2022
තරුණ විරෝධතා ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්!
තරුණ තරුණියන් අවි ආයුධ අතට නොගෙන සාමකාමීව විරෝධතා පවත්වමින් පවසනදේ පිළිබඳව ආණ්ඩුවත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂත් අවධානය යොමු කළ යුතුව ඇතැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔවුන් ඉල්ලා සිටින ව්‍යවස්ථාමය වෙනස සිදු කිරීමට වහාම පියවර ගතයුතු බවත් එය එම තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් සිදුකළ යුතු බවත් කීවේය
Read Moreඉන්දීය මුදල් ඇමතිනිය අලි සබ්රිට කීවේ කුමක්ද?
ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ ඉහළ පෙළේ ඉන්දීය ආර්ථික දූත පිරිස අප්‍රේල් 18දා වොෂිංටනයේ IMF මූලස්ථානයේදී මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා ප්රමුඛ දූත පිරිස හමුවී තිබේ. සීතාරාමන් මහත්මිය ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබාදීම පිළිබඳව අමාත්‍ය අලි සබ්රි මහතා වෙත සහතික වී ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි. එමෙන්ම, විශේෂයෙන්ම විස්තීරණ අරමුදල් පහසුකමක් කඩිනම් කිරීම සඳහා කරන ලද විශේෂ ඉල්ලීම මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව කරන සාකච්ඡා සඳහා ඉන්දියාව පූර්ණ සහාය ලබාදෙන බවද ඇය සඳහන් කළ බව මුදල් අමාත්‍යාංශය කියයි. අද (19දා) තවත් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට තවදුරටත්…
Read Moreඅග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප්‍රකාශය!
රටේ ජනතාව දුෂ්කරතා රැසකට මුහුණදී සිටින බව අප පිළිගත යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මහින්ද රාජපක්ෂ මහතා අද(19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව පැවසීය. එහිදී ඔහු පැවසුවේ ආණ්ඩුවක් කැමැත්තෙන් සිය රටේ ජනතාව දුෂ්කරතාවයට පත්නොකරන බවය. ඒ අනුව පවතින ගැටලු සඳහා සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවිය යුතු බව ඔහු පැවසීය.අගමැතිවරයාගේ විශේෂ ප්‍රකාශය මෙසේයි. “දේශපාලනික වශයෙන් බොරදියේ මාළු බාන්න මෙය අවස්ථාව නොවෙයි කියලයි මා අදහස් කරන්නේ. අපි හැමදෙනා ගැනම ඔවුන් බලා සිටිනවා. කවුද අවංකව රටට ආදරය කරන්නේ කියලයි ඔවුන් බලාගෙන ඉන්නේ. ඒ නිසා රජයක් ලෙස අපට තියෙන වගකීමෙන් මිදෙන්න…
Read Moreපාස්කු දින ප්‍රහාරයට සම්පූර්ණ වගකිවයුත්තා නිලන්ත ජයවර්ධන!
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කල් තියා ලැබුණු තොරතුරුවලට අනුව නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන වගකිව යුතු බව ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා කියා සිටියා. පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට පැවති මාධ්‍ය හමුවකදී ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා මෙම අදහස් දක්වා සිටියා. මෙම මාධ්‍ය හමුවට ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා ද සහභාගී වී සිටියා.
Read Moreවිපක්ෂයෙන් අසුන් ගත්තත් විපක්ෂ නායකගේ කණ්ඩායමට නෑ – මෛත්‍රී
40ක් පැමිණ විපක්ෂයේ වාඩි වුණේ විපක්ෂනායක තුමාගේ කණ්ඩායමක් ලෙස නොවේ යැයිද විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස අප වැඩ කරන බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.. “දිනෙන් දින ජනතාව කෝපයට පත්වී තිබෙන ප්‍රමාණය වැඩිවෙනවා. තරුණයන්ගෙ සටනට අප සුබ පතනවා. ඒ සටන සාධාරණ බව අප කියනවා. ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුත්තේ පාර්ලිමේන්තුවේයි. ඊට සුදුසු වැඩපිළිවෙලකට අප යා යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අප විසිවන සංශෝධනය අහෝසි කළ යුතු බවත් සංශෝධන සහිතව දහනවවන සංශෝධනය බලාත්මක කළ යුතු බවත් කියනවා “යනුවෙන් ද මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය.
Read Moreඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව රට පුරා විරෝධතා!
ඉන්ධන මිල යළි ඉහළ දැමීමට ගෙන ඇති තීරණයට එරෙහිව දිවයින පුරා මේ වන විට විරෝධතා පැවැත්වෙනවා. බොහෝ ප්‍රදේශවල පුද්ගලික බස් රථ හිමියන් බස් ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබූ බවයි වාර්තා වන්නේ.
Read Moreප්‍රීමා තිරිගු පිටි 40 කින් වැඩි වෙයි!
ප්‍රීමා තිරිගු පිටි කිලෝවක මිල අද (19) දින සිට රු 40 කින් ඉහල දැමු බව එම සමාගම විසින් දිවයිනේ සියළුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දි ඇත. ඒ අනුව අලෙවි නියෝජිතයන්ට අවශ්‍ය තිරිගු පිටි තොග ලබා ගැනිමේදි සැම කිලෝවකටම රු 40 ක් වැඩි කර සමාගම වෙත මුදල් බැර කරන ලෙස සමාගම විසින් අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දි ඇත. නව මිල වැඩි කිරිමත් සමග තිරිගු පිටි කිලෝවක උපරිම සිල්ලර මිල රු 240 සිට රු 250 දක්වා ඉහල යන බව අලෙවි නියෝජිතයන් පවසයි. එයට සමගාමිව ග්‍රෑම් 450 පාන් ගෙඩියක් රු 20 කින් සහ…
Read Moreඅලුත් මුදල් ඇමැති වොෂින්ටන්වලදී IMF ලොක්කා හමුවෙයි!
මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා අද දිනයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලීනා ජෝජියාවා හමුවී සාකච්ජා පැවැත්වීමට පියවර ගෙන ඇත. ඒ, වොෂින්ටන් නුවරදී පැවැත්වෙන එම අරමුදලේ ස්ප්‍රින්ග් සැසිවාරය අතරතුරදීය. එහිදී ණය කල් දැමීම , දිගුකාලීන විසඳුම් සහ ආර්ථික සැලසුම් පිලිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
Read Moreඇමැති වෙච්ච හැටියෙ ජයසුමන මුඛ ආවරණ ගලවයි!
කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීම සදහා පනවා තිබූ මුව ආවරණ අනිවාර්ය කිරීමේ නීතිය ලිහිල් කිරීමට නව සෞඛ්‍ය අමාත්‍ය ඡන්න ජයසුමන මහතා පියවර ගෙන ඇත. ඒ අනුව තවදුරටත් ඉදිරියේදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වන්නේ පොදු ප්‍රවාහන සේවාවලදී හා සංවෘත ශාලා තුළ පැවැත්වෙන සාද, සම්මන්ත්රණ ආදියේ දී පමණි. සෞඛ්‍ය අමාත්‍ය ඡන්න ජයසුමන මහතා පවසන්නේ මෙම නීතිය වහාම ක්‍රියාත්මක වනු ඇති බවයි. ඇමැතිවරයා වශයෙන් පත්වීමෙන් පසු ජයසුමන මහතා ගත් පළමු තීන්දුව මෙය වේ.
Read More