සෑම ගමකින්ම නව ව්‍යවසායකයෙක්!

සෑම ගමකින්ම නව ව්‍යවසායකයෙකු බිහිකිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ලබන වසරේ සිට ආරම්භ කරන බවත් තරුණ පිරිස ගම ගොඩනගන වැඩපිළිවෙලට දායකත්වය ලබාදීමෙන් රට මුහුණ දී සිටින දුෂ්කර තත්වයෙන් ඉතා ඉක්මණින් මිදීමේ හැකියාව ඇති බවත් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පැවසීය. ‘කොවිඩ්’ වසංගත තත්ත්වය සමග ඉතාමත් අපහසු කාලසීමාවක් ගතකිරීම නිසා ක්‍රීඩාවටත්, රැකියාවටත්, ආර්ථිකයටත් බලපෑමක් ඇති වී ඇති බව කී අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා ලබන වසරේ සිට තරුණ තරුණියන්ගේ ව්‍යවසායකත්වය දියුණු කරන්න සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව ද සඳහන් කළේය. සෑම ගමකම දක්‍ෂ ව්‍යවසායකයෙක් බිහි කර එම ව්‍යවසායකයාගේ නිෂ්පාදන…

Read More

පරණ නීති 60ක් අලුත් කරන්න යයි!

යල්පැන ගිය නිතී 60ක් හඳුනාගෙන ඒවා වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි මහතා පවසයි. ඒ අනුව, අධිකරණ පද්ධතියේ පවතින අපරාධ, වාණීජ සහ සිවිල් නිතී ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කමිටු තුනක් පත්කළ බව ද අමාත්‍යවරයා සදහන් කළේය. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ එහි ප්‍රධානීන් සමඟ රාජගිරියේ පිහිටි එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (13) පැවැති සාකච්ඡාවකදීය. මෙලෙස නිති සංශෝධනය කෙරුණේ වසර 20කින් පමණ බවත්, අධිකරණ ක්ෂේත්‍රයේ පවතින ගැට`ථ හදුනාගනිමින් ඒ සදහා අවශ්‍ය විසදුම් ලබාදීමමේ ක්‍රවේදයක් ද සකස්…

Read More

60 දක්වා දීර්ඝ කළාට කැමැති නම් 55 න් පෙන්ෂන් පුළුවන්!

පෞද්ගලික අංශයේ සේවක විශ‍්‍රාම යෑම අවුරුදු 60 දක්වා දීර්ඝ කරනු ලැබූව ද සේවක අර්ථ සාධක හා සේවක සත්කාර අරමුදල්වල හිමිකාරත්වය ලබන ඕනෑම සේවකයකුට වසර 55 සම්පූර්ණ වූවිට එම අරමුදල්වල ප‍්‍රතිලාභ ලබාගෙන විශ‍්‍රාම යෑමේ හැකියාව පවතින බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ඊයේ (13දා) පැවසීය. පෞද්ගලික අංශයේ විශ‍්‍රාම යෑම අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බවත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කරගත යුතු බවත් ඇමැතිවරයා කීවේය. මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මත වූ දින වනවිට අවුරුදු 55 ක්වන සේවකයකුට අවුරුදු 57 දක්වා සේවය කිරීමට නීතිමය ප‍්‍රතිපාදනය හිමි වේ. නව…

Read More

Number Portability සේවාව සදහා නීතිමය අනුමැතිය!

සියළුම දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ (Number Portability) සේවාව සදහා නීතිමය අනුමැතිය හිමි වූ බව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක පවසා සිටියි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කර සිටියේ​ය.

Read More

කාබනික පොහොර මෙට්‍රික්ටොන් 20,000ක් කොළඹ වරායට!

රජයේ පොහොර ආයතන දෙකක් ආනයනය කළ කාබනික පොටෑසියම් පොහොර මෙට්‍රික්ටොන් 20,000 සහිත නැවක් අද (13) කොළඹ වරායට ළගා වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන් අලුත්ගමගේ මහතා පවසයි. මෙම පොහොර තොගය අද රාත්‍රියේම අම්පාර ,මඩකලපුව ,අනුරාධපුර, පොළොන්නරුව ,කුරුණෑගල ,පුත්තලම, ත්‍රිකුණාමලය ,හම්බන්තොට යන වී වගාව බහුලව කෙරෙන දිස්ත්‍රික්වල ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත යැවිමට කටයුතු කරන බවද මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා සඳහන් කළේය. ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර මේ මස 15 වැනිදා වන විට ලබාදෙන බවත් ඊට පෙර පොහොර ලැබෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන් අලුත්ගමගේ මහතා මීට පෙර පවසා තිබුණි. 

Read More

බවර් – කාබනික විප්ලවයට කෙටි කාලීන විසඳුම් දෙයි!

ශ්‍රී ලංකාවට සිය හුරුපුරුදු කෘෂිකාර්මික රටාවේ සිට කාබනික කෘෂිකර්මාන්තය වෙත සාර්ථක පරිවර්තනයක් අත් කර ගැනීමට අවශ්‍ය මූලික දැනුම හා විසඳුම් හඳුන්වා දීමට මෙරට විවිධාංගීකරණය වූ ව්‍යාපාර සමූහයක් මෙන්ම, කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛ පෙළේ නවෝත්පාදකයකු ලෙස ප්‍රකට බවර් සමාගම පසුගියදා පියවර ගත්තේය. ඒ විද්‍යාත්මක සාක්ෂි මෙන්ම වෘත්තීය හා ප්‍රායෝගික අත්දැකීම් මත පදනම් වූ දැනුම උපයෝගි කර ගනිමිනි. එහිදී විශේෂයෙන්ම, බවර් සමාගම සිය ගිවිසුම්ගත පාර්ශ්වකරුවන් වන ස්විට්සර්ලන්තයේ කාබනික කෘෂිකර්මාන්ත පර්යේෂණ ආයතනය (FiBL) සහ බර්න් ව්‍යවහාරික විද්‍යා විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම, වනාන්තර සහ ආහාර විද්‍යා පාසල (HAFL) නියෝජනය කරමින් පසුගියදා මෙරට සංචාරයක නිරත වූ විශේෂඥ…

Read More

“ලෝක මිල ශීඝ්‍රයෙන් ඉහළට” – තෙල් සංස්ථාවේ මේ මාසයේ පාඩුව කෝටි 1,000 පනී!

* දෙසැම්බරයට පෙර බොරතෙල් බැරලය ඩොලර් 100ට යයි* සංස්ථාව රාජ්‍ය බැංකුවලට කෝටි 3,600ක් ණයයි මිල වැඩි වීමක් ඕනෑ– සභාපති සුමිත් කියයි ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යෑම නිසා මේ මාසයේදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලබන පාඩුව කෝටි 1,000 ඉක්මවා යනු ඇතැයි සංස්ථාව ගණන් බලා තිබේ. නමුත් ලෝකයේ තෙල් මිල ඉහළ යෑමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ගණන් ඉහළ නොදමා ජනතාවට තවදුරටටත් ඉන්ධන මිල සහනය දීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි තෙල් සංස්ථාව කියා සිටී. කොවිඩ් වසංගතය නිසා මේ වසර අවසන් වන්නට පෙර බොරතෙල් බැරලයක මිල ඩොලර් සියය ඉක්මවා යනු ඇතැයි…

Read More

ඉන්ස්ට්‍රග්‍රෑම් කණ්ඩායමක් අනුන්ගේ බැංකු ගිණුම්වල මුදල් අදියි!

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීමට වෙනත් අයගේ බැංකු කාඩ්වල අංක යොදා ගනිමින් සිදුකළ සංවිධානාත්මක ජාවාරමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත. රාජ්‍ය බැංකුවක කාඩ්පත් අංශයේ ප්‍රධාන කළමනාකරුවකුගේ පැමිණිල්ලක් මත කළ දීර්ඝ විමර්ශනයකින් මේ බව අනාවරණය වී තිබේ. මෙම ජාවාරම සම්බන්ධව කුරුණෑගල දම්බොක්ක ප්‍රදේශයේ කොහු මෝලක අංශ ප්‍රධානියකු ලෙස කටයුතු කළ 23 හැවිරිදි තරුණයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු ඉන්ස්ට්‍රග්‍රෑම් කණ්ඩායමක සහයෙන් දින තුනකදී බැංකු ගිණුම් 29කට අයත් අනුන්ගේ කාඩ්පත්වලින් 114 වතාවක් අන්තර්ජාලයෙන් මුදල් ගෙවා භාණ්ඩ මිලදී ගෙන ඇතැයිද අනාවරණය වේ. රුපියල් අටලක්ෂ හතළිස් එක්දහසක්…

Read More

“2026 සත්කාරය අපි ඉල්ලූවේ නෑ” – පලවන මාධ්‍ය වාර්තා අසත්‍යයි!

වසර 2026 දී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල සඳහා සත්කාරකත්වය දැරීමේ අවස්ථාව ලබා ගැනීමට ශී‍්‍ර ලංකාව ඉදිරිපත් වී ඇතැයි බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි. එහෙත් ඒ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ මෙන්ම ශී‍්‍ර ලංකාවේ පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා සම්මේලනයේ ලේකම් මැස්ක්වෙල් ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී දැනගත හැකිවූයේ ශී‍්‍ර ලංකාවෙන් එවැනි කිසිම උත්සාහයක් ගෙන නැති බවයි. ”පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලකට සත්කාරය දරන්න නම් ස්ටර්ලින් පවුම් බිලියනයක විතර ආයෝජනයක් කරන්න  ඕනේ. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් බිලියන 300 ක් වගේ මුදලක්” ”ලංකාවේ අද තත්ත්වය අනුව මේ වගේ විශාල සල්ලි…

Read More

“මහේන්ද්‍රන් නොමැතිව බැඳුම්කර නඩුව ඇරඹෙයි” – අතිරේක සොලිසිටර් ජනරාල් අධිකරණයෙන් කලඉල්ලීම!

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අජහාන් ගාර්දිය පුංචිහේවා යන විත්තිකරුවන් නොමැතිව මහ බැංකු බැඳුම්කර වංචා නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට නීතිපතිවරයා අද (13) කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ ඉල්ලීමක් කළේය. 2015 වසරේ පෙබරවාරි මස මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියට අදාළ නඩුවේ එම විත්තිකරුවන් දෙදෙනා මේ වන විට විදේශ ගතව සිටින බව වාර්තා වේ. එම නඩුව අද චම්පා චානක රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා…

Read More